තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසිය 15 වියැති දරුවෙකුට වෙඩි තබයි

    පොලීසිය 15 වියැති දරුවෙකුට වෙඩි තබයි

    තිහගොඩ පොලීසිය අද සවස කල වෙඩි තැබීමකින් 15 වියැති දරුවෙක් තුවාල ලබා තිබේ.

    බරපතල ත්ත්වයේ පසුවූ මෙම සිසුවා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ. එතරම් යහපත් නොවන බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    මත්ද්‍රව්‍ය වැටලීමට ගොස් එමින් සිටියදී තිහගොඩ පොලිසියේ නිලධාරීන් ගමන් කරමින් සිටි එහි රෝද රථයට වෙට්ටු දමා ගමන් කල ත්‍රී රෝද රථයක සිටි දරුවෙක් මෙසේ පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

    පොලීසිය පවසන්නේ මාර්ගයේ වෙට්ටු දමමින් අනාරක්ෂිතව ගමන් කළ එම ත්‍රිරෝද රථයේ පසුපස පොලිස් නිලධාරීන් ගමන් කළ ත්‍රිරෝද රථය පන්නා ඇති බවය. අතර මඟදී එම ත්‍රිරෝද රථය නතර කර ඇති බව පොලීසිය කියයි.

    එම අවස්ථාවේදී රථයේ සිටි තිදෙනෙක් පලාගිය බවත් රියදුරු සහ පසුපස අසුනේ සිටි ⁣දරුව පොලීසිය විසින් අල්ලාගෙන තිබේ. එහිදී ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය සමග පොරබදා ඇති බවත් එහිදී තීරෝද රථ රියදුරාව අල්ලා ගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයා අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලිසිය පාර්ශවයෙන් කියයි. පොලිස් නිලධාරින් විසින් අල්ලාගෙන සිටි 15වියැති දරුවාට වැදී ඇත්තේ එම වෙඩිල්ල බව ද පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img