තවත්
    මුල් පිටුවදේශීය පුවත්මහ කන්නයට වගා කරන්න පොහොර අරන් නෞකාවක් එයි

    මහ කන්නයට වගා කරන්න පොහොර අරන් නෞකාවක් එයි

    මෙවර මහා කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය යූරියා පොහොර රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණ නැංගුරම්ලා තිබේ.

    යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් එහි ඇති බව කෘෂිකර්ම හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.

    මහ කන්නයට අවශ්‍ය තවත් යූරියා මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් තවත් නෞකා නොවැම්බර් මස මෙරටට ළගාවීමට නියමිතව ඇතැයිද අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    මෙම පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් මෙරටට ඩොලර් මිලියන 110ක ණයක් ලබාදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img