තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දුනීසියාවේ කාන්තාවක් ගිල දැමූ පිඹුරෙකු සොයාගනී

    ඉන්දුනීසියාවේ කාන්තාවක් ගිල දැමූ පිඹුරෙකු සොයාගනී

    ඉන්දුනීසියාවේ ජම්බි පළාතේ පිඹුරෙකු විසින් කාන්තාවක් මරා දමා සම්පූර්ණයෙන්ම ගිල දමා ඇති බව ප්‍රාදේශීය වාර්තා පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    අදාල කාන්තාව ජහ්රා නැමති 50 හැවිරිදි වියේ පසුවන රබර් කිරි කපන්නියක් වන අතර ඇය ඉකුත් ඉරිදා උදෑසන රබර් වත්තක කිරි කැපීම සඳහා ගොස් ඇත.

    එදින රාත්‍රියේ ඇය ආපසු නොපැමිණීම හේතුවෙන් පසුව ඇයව සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් යවා ඇත. දිනකට පසු ගම්වාසීන්ට හට විශාල උදරයක් සහිත පිඹුරෙකු හමු වී තිබේ.

    එම පිඹුරා සම්බන්ධයෙන් සැක සිතුනු ප්‍රදේශවාසීන් විසින් පසුව සර්පයා මරා දමා එම සත්වයාගේ උදරයේ තිබුණු ඇගේ සිරුර සොයා ගෙන ඇත.

    “ගොදුර සර්පයාගේ බඩේ තිබී හමු විය,” බෙටාරා ජම්බි පොලිස් ප්‍රධානී ඒකේපී එස් හරේෆා ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. බලධාරීන් පවසන අන්දමට ඇගේ සිරුර සොයා ගන්නා විට බොහෝ දුරට නොවෙනස්ව තිබී ඇත.
    අදාල කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඉරිදා රාත්‍රියේ රබර් වත්තේදී ඇයගේ ඇඳුම් සහ මෙවලම් කිහිපයක් සොයා ගත් බවත්, ඒ අනුව ඔහු සෝදිසි කණ්ඩායමක් කැඳවීමට පියවර ගත් බවද පොලිස් ප්‍රධානී පවසා තිබේ.

    මෙම පිඹුරා අවම වශයෙන් මීටර 5ක් (අඩි 16ක්) දිගින් යුත්තව ඇත. මෙවැනි සිදුවීම් දුර්ලභ වුවත් ඉන්දුනීසියාවේ පුද්ගලයෙකු පිඹුරෙකු විසින් ගොදුරකර ගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2017 සිට 2018 දක්වා කාලය තුළ එරට තුළ එවැනිම මරණ දෙකක් වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img