තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිලට මේ මාසේ සිට එකතු වන අලුත් බද්ද

    විදුලි බිලට මේ මාසේ සිට එකතු වන අලුත් බද්ද

    ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා විදුලි පාරිභෝගිකයින්ගෙන් මේ මස 01 වැනිදා සිට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත් මගින් අයකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා,

    “විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලි බල කර්මාන්තයේ විවිධ පාර්ශ්වයන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලිබල කර්මාන්තයට බලපාන ආකාරය පිළිබද විමසීම් කර තිබෙනවා. මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කල නිසා විදුලි පරිභෝජනය මෙම බද්දෙන් නිදහස් කරන ලෙස අපි මුදල් අමාත්‍යංශයට යෝජනා කළා. මුදල් අමාත්‍යංශය අප වෙත දන්වා ඇත්තේ අදාල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම මේ බද්දට යටත් වන බවයි. ඒ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිලදීගන්නා සියළු පාර්ශ්වයන්ගේ විදුලිය මිලදීගැනීම මත මේ බද්ද අය කිරීමට ලංවීම පියවර ගනු ඇත. ”

    සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img