පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි දැනගැනීමට ක්‍රමවේදයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මෙරට මැති සබයේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ කිසිම ක්‍රමවේදයක් කිසිම ආණ්ඩුවටවත් අනෙක් මන්ත්‍රීවරුන්ටවත් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටී.
2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරු වීම තහනම් කළ අවස්ථාවේ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බවත් ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවිවලින් සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැතැයි ද ගම්මන්පිල මහතා කීවේය.
Request from the Embassy’s