තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහුවෙන්න එපා.! ඉන්ධනවලට කලවම් කරන පෙත්ත කූඨ ජාවාරමක්

    අහුවෙන්න එපා.! ඉන්ධනවලට කලවම් කරන පෙත්ත කූඨ ජාවාරමක්

    ඉන්ධනවලට කලවම් කර ඔක්ටේන් අගය වැඩි කරන්නේ යැයි පවසමින් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඉකෝ ටැබ්ලට් (Eco Tablet) නමැති පෙත්ත කූඨ ජාවාරමක් බවත් ඊට හසු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පාරිභෝගිකයන් වෙත දන්වා සිටී.

    මෙවැනි පෙත්තක් වෙළෙඳපොළ තුළ ඇති නමුත් ඉන්ධන සමග කලවම් කිරීමට කිසිඳු සිපෙට්කෝ පිරවුම්හලකට අනුමැතියක් ලබාදී නැතැයි ද එසේ සිදුකිරීම නීතිවිරෝධී බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයිි.

    මෙම පෙත්ත පිළිබඳ සියලුම ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණ කරන ලද බවත් එමගින් ප්‍රචාරය කර තිබූ ආකාරයේ ඔක්ටේන් අගය වැඩිකිරීමක් සිදුනොවන බවත් සංස්ථාව විසින් තහවුරු කරගෙන ඇත.

    මේ අනුව මෙම පෙත්ත හඳුන්වා දෙන දේශීය සමාගම විසින් සංස්ථාවෙන් බෙදාහරින තෙල් ප්‍රමිතියෙන් අඩු බවට කරමින් සිටින ප්‍රකාශවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img