fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

    ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

    මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු නීතිවිරෝධී ලෙස රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරමින් කටයුතු කරන බව වාර්තා වේ.

    රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුරක් දරන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඒ බව ආයතන දෙකටම සඟවමින් කටයුතු කරන බවට ද වාර්තා වේ.

    රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුර දේශපාලන අයිතිවාසිකමක් අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකමක් නොමැති තනතුරක් වන අතර එවැනි තනතුරක් දැරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නැතැයි ද වාර්තා වේ.

    එම ආයතනයේ සේවකයින් මේ පිළිබඳව අදාළ අංශ වෙත පැමිණිලි කර ඇතැයිද පැවසේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.