තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වට්සැප් යථාතත්ත්වයට

    වට්සැප් යථාතත්ත්වයට

    පැය දෙකක් පමණ ලොවපුරා බිඳවැටී තිබූ WhatsApp සමාජ ජාලය මේ වනවිට යථාතත්වයට පත්කර ති‍බේ.

    එම සමාජ ජාලය තුළ පණිවුඩය යැවීම සහ ලැබීම ඇණහිටිමින් සිදුවූ මෙම බිඳවැටීම පසුගිය වසරේ වූ සිදුවීමෙන් පසු වූ පළමු ප්‍රධාන අක්‍රියතාවයයි.

    මෙම බිඳවැටීමට හේතුව මෙතෙක් නිල වශයෙන් මේටා සමාගම ප්‍රකාශයක් සිදුකර නැත.

    සිදුවූ තාක්ෂණික දෝෂය කඩිනමින් යථාතත්වයට පත්කළ බව පමණක් දන්වා තිබේ.

    වට්සැප් බිඳවැටීමත් සමඟ ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් ආදි සමාජ ජාල තුළ #whatsapp Trending hashtag බවට පත්ව තිබුණි.

    වට්සැප් සමාජ ජාලය පෞද්ගලික පණිවුඩ යැවීමට පමණක් නොව, ව්‍යාපාර සඳහා තීරණාත්මක සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇත.

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Whatsapp පැය ගණනක් ඇනහිටීමක් ඇති විය.

    එහිදී ව්‍යාපාරිකයන් ටෙලිග්‍රාම් වැනි විකල්ප වේදිකාවලට මාරු වීමට වහා පියවර ගත්තේ එය ක්‍රිප්ටෝ මුදල් ඒකකයේ සිට තෙල් වෙළඳාම දක්වා වන වත්කම් වෙ‍ළඳාම්වලට කෙටිකලක් තුළ විශාල පහරක් එල්ල කළ බවට පවසමිනි.

    සබැඳි පුවත් ලොව පුරා වට්ස්ඇප් ඇණහිටී

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img