තවත්
    මුල් පිටුවදේශීය පුවත්කටුකැලේ පුල්ලයාර් හින්දු කෝවිලේ දීපවාලිය

    කටුකැලේ පුල්ලයාර් හින්දු කෝවිලේ දීපවාලිය

    ලොව පුරා හින්දු සැදැහැවතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී මංගල්‍ය නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් මහනුවර කටුකැලේ පුල්යාර් හින්දු කෝවිලේ දී අද (24) පැවැත්විණ.

    සිංහල මාස ක්‍රමයට අනුව පස් මස ද හින්දු මාස ක්‍රමය අනුව අධි පස් මාසයේදී දීපවාලිය යෙදීම සාමාන්‍ය සිරිතයි.

    ආලෝකය නොහොත් එළිය යන අර්ථය ගෙන දෙන දීපවාලී මංගල්‍යය මිනිසාගේ නරක ගති ඉවත් වන දිනය වශයෙන් හින්දු සැදැහැවතුන් සලකති.

    අර්බුද දුරුවී, ගොඩනැගුණු විශ්වාසය මත නව ආලෝකයක් ලැබීම ප්‍රාර්ථනා කරමින් දෙවියන් වහන්සේ උදෙසා පුද පූජා පැවැත් වූ අතර අනතුරුව කටුකැලේ හින්දු දේවාල පරිශ්‍රය වටා දේව ප්‍රතිමාව වැඩම කිරීම ද එහි දී සිදු කෙරිණි.

    කටුකැලේ පුල්ලයාර් හින්දු කෝවිලේ භාරකාර ගෝවින්දසාමී ක්‍රිෂ්ණමූර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන් පැවැත්විණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img