තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යකඩ අශ්වයාගේ පිටේ ගිහින් කතුන්ගේ රන්මාල කැඩූ හමුදාවේ දෙන්නෙක් අල්ලයි

    යකඩ අශ්වයාගේ පිටේ ගිහින් කතුන්ගේ රන්මාල කැඩූ හමුදාවේ දෙන්නෙක් අල්ලයි

    යතුරු පැදිවල විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කඩාගෙන යන හමුදා සෙබලු දෙදෙනෙක් මාදම්පේ පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    එක් සෙබලෙක් ගුවන් හමුදාවේ දැනට සේවයේ නිතරව සිටින අයෙක් බවත් අනෙත් සෙබලා යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් බවත් පොලීසිය කියයි.

    දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම කොල්ලකරුවන් දෙදෙනා ව්‍යාජ අංකයක් යෙදූ යතුරු පැදියකින් ගමන්කරමින් පන්නලදී කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකා මාදම්පේ ප්‍රදේශයට පැමිණ එහිදී ද කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලනා පළායමින් සිටියදී පොලීසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගොස් ඇත්තේ ලුහුබැද ගොසිනි.

    පන්නලින් සහ මාදම්පෙන් කඩාගත් රන් මාල දෙකම ඔවුන් සතුව තිබී පොලීසිය එහිදි සොයාගෙන තිබේ.

    ඔවුන් දෙදනොම මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහිවූවන් බව ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img