තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වාර්තාව ඇමතිට

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වාර්තාව ඇමතිට

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමාට ලැබුණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියාසිටියේ ය.

    ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්වන්නේ අගෝස්තු මස 5වන දාය.
    එම කමිටුවට සාමාජිකයන් 8 දෙනෙකු ඇතුලත් විය.

    පසුගිය මාස කීපය පුරා වරින්වර රැස්වී ඔවුන් තම වාර්තා සැකසීමේ කටයුතුවල නිරතවූ අතර සැප්තැම්බර් මස 8 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ගේ අදහස් ද ලබාගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img