තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එපා කියද්දී වික්ටෝරියා වේල්ලට ඩ්‍රෝන යවා වීඩියෝ කළ 7ක් අත්අඩංගුවට

    එපා කියද්දී වික්ටෝරියා වේල්ලට ඩ්‍රෝන යවා වීඩියෝ කළ 7ක් අත්අඩංගුවට

    වික්ටෝරියා වේල්ල නැරමීමට පැමිණ වේල්ල සහ ඒ අවට ආරක්ෂක කලාපය ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝගත කළ 07 දෙනෙක් වික්ටෝරියා වේල්ලේ ආරක්ෂාවට යොදවා සිටින යුද හමුදා සහ මහවැලි ආරක්ෂක අංශ විසින් අල්ලා පොලීසියට භාරදී තිබේ.

    වෑන් රථයකින් ඊයේ උදෑසන පැමිණි ඔවුන් 07 දෙනා වයස අවුරුදු 31ත් 32 අතර තරුණයින් පිරිසකි. බේරුවල, ගල්කිස්ස සහ වැලිගම පදිංචිකරුවන් පිරිසක් වන ඔවුන් වික්ටෝරියා වේල්ලේ නැරඹුම් ස්ථානයට පැමිණ මහවැලි ඉංජිනේරු කාර්යාලයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කර වීඩියෝ සහ ඡායාරූප ගැනීමට අවසර ඉල්ලා ඇති බව පොලීසිය කියයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ඒ සඳහා ඉඩක් ලබාදිය නොහැකි බව මහවැලි ඉංජිනේරු කාර්යාලය විසින් මෙම පිරිසට දැනුම් දීමෙන් පසු ඔවුන් එම නැරඹුම් ස්ථානයට යාබදව ඇති කැලෑබද ප්‍රදේශයකට ගොස් ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇති බව පොලීසිය කියයි.

    මෙම ඩ්‍රෝන කැමරාව ගුවන් ගතවන විට එහිදී නැගුණු හඩත් එක්කම කළබලවූ වේල්ලේ ආරක්ෂාවට යොදවා සිටින යුද හමුදා නිලධාරීන් සහ මහවැලි ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී ඒ ගැන සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ වේල්ල නැරඹිමට පැමිණි පිරිසක් විසින් මෙසේ එම යානාව කැමරාවගුවන්ගත කර ඇති බවය. ඒ අනුව ඔවුන් 07 දෙනාව එම ඩ්‍රෝන කැමරාවද සමඟ සිය භාරයට ගෙන තෙල්දෙණිය පොලීසියට භාරදීමට එම ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

    මහවැලි ආරක්ෂක අංශය විසින් ඒ ගැන පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති අතර ඒ අනුව පසුව ඔවුන් 07 දෙනාව අත්අඩංගුවට ගැනීමටද පියවර ගත් බව තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේය.

    මෙම ඩ්‍රෝන කැමරාව ගුවන් ගත නොකරන ලෙස පැහැදිලිවම උපදෙස් දී තිබියදී ඔවුන් එය ගුවන්ගතකිරීම ගැටළුවක් බැවින් ඔවුන් විසින් ඩ්‍රෝන කැමරාවෙන් පටිගතකළ වීඩියෝ සහ ඡායාරූප පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි.

    සැකකරුවන් 07 දෙනා තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img