fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෑගොඩට වැස්ස මිලිමීටර් 300ට ආසන්නයි - දිස්ත්‍රික් 12කට හෙටත් මහවැසි

    හෑගොඩට වැස්ස මිලිමීටර් 300ට ආසන්නයි – දිස්ත්‍රික් 12කට හෙටත් මහවැසි

    අද (23) පෙරවරුව වන විට ගාල්ල බූස්ස හෑගොඩ ආශ්‍රිතව මිලිමීටර් 279 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද පෙරවරුව වන විට ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයේ ය.

    මේ අතර අද පස්වරුවේ සිට හෙට පෙරවරු 6.30 දක්වා දිස්ත්‍රික් 12කට පමණ මිලිමීටර් 100කට අධික වැසි තත්වයක් බලපානු ඇති බවට කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පල කර තිබේ.

    දිවයිනේ සෙසු දිස්ත්‍රික් වලට ද වැසි බලපාන බව අද පස්වරුවේ නිකුත් නිකුත් කළ නවතම කාලගුණ වාර්තාවේ දැක්වේ.

    Feature Image – Thilina kaluthotage

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.