තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිඥ බිරිය එක්ක හොර ලියැවිලි හැදූ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

    නීතිඥ බිරිය එක්ක හොර ලියැවිලි හැදූ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

    පූගොඩ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් අත්තිකාරම් ලෙස ලබාගෙන එම ඉඩම හෝ මුදල නොදී කළ වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කිරීමකට සැකපිට පොලිස් රෝහලේ සේවයේ නිතරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේය. ඔහුගේ නීතීඥ බිරිඳද පසුගිය 06 වෙනිදා ගම්පහ අධිකරණයට භාරවි තිබේ. දෙදෙනාටම අධිකරණය විසින් ඇප ලබාදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    2019 වසරේදී සිදුවූ වංචාවකට අදාලව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙසකට අනුව නීතීඥවරිය සහ පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී නීතීඥවරිය අධිකරණයට භාරවී ඇති බවත් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img