තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෑලි මූට්ටු කළ ජිප් රථයක් නීතීඥ වෙසින් ධාවනය කළ ව්‍යාපාරිකයා කොටුවේ

    කෑලි මූට්ටු කළ ජිප් රථයක් නීතීඥ වෙසින් ධාවනය කළ ව්‍යාපාරිකයා කොටුවේ

    හොර පාරෙන් මෙරටට රැගෙන ආ කොටස් එකලස්කර සකස් කළ ජිප් රථයක් නීතීඥවරුන්ගේ වාහන වල වින්ඩිස්ක්‍රීනයේ අලවන ස්ටිකරයක්ද අලවාගෙන ව්‍යාජ අංක තහඩුවකින් ධාවනය කළ ව්‍යාපාරිකයෙකුව පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම වාහනය මිට්ෂුබිෂී පැජරෝ වර්ගයේ ජිප් රථයකි. දැරනියගල පදිංචිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයාව කොටුවී ඇත්තේ දැරණියගල සමන් දේවාලය පාරේදීය.

    මෙම ව්‍යාපාරිකයාව මෙයට වසර දෙකකට පෙරද මෙවන් වාහන ජාවාරමකට පොලීසිටයට කොටුවී ඇත. රජයේ වාහනයක් ලෙස හැගෙන ලෙසද ඔහු වාහනයේ ඉදිරිපස වීදුරුවේ රාජ්‍ය ලාංඡනයක්ද අලවා තිබී ඇත.

    මෙම ව්‍යාපාරිකයා දේශපාලනඥයන් රැසක්ද කිට්ටුවෙන් ඇසුරුකරන අයෙක් බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඔහු වෘත්තියක් ලෙස මෙසේ වාහන කොටස් එකලස්කරමින් වාහන සකස්කර ව්‍යාජ අංක තහඩු යොදා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවද අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img