තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට හෙට පැය 14ක් වතුර කැපෙන තැන්

    කොළඹට හෙට පැය 14ක් වතුර කැපෙන තැන්

    හෙට (22) දිනයේදී එනම් එළැඹෙන සෙනසුරාදා සිට පසුදින දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙයි.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ හෙට රාත්‍රී 10.00 සිට පසුදින 23 වන ඉරිදා මධ්‍යහ්න 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

    ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

    මේ හේතුවෙන් අදාළ කාලසීමාව තුළ ජලය කල්තබා එක්රැස් කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුකෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img