තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆේස්බුකියෙන් ලාබෙට බඩුගන්න ගිය දහස් ගණනක් දෙනා හූරා කෑ ග්‍රැෆික් ඩිසයිනර් කොටුවෙයි

    ෆේස්බුකියෙන් ලාබෙට බඩුගන්න ගිය දහස් ගණනක් දෙනා හූරා කෑ ග්‍රැෆික් ඩිසයිනර් කොටුවෙයි

    මුහුණු පොතේ දැන්වීම් පලකරමින් ජංගම දුරකතන, ලැප්ටොප් , පරිගණක, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රික් භාණ්ඩ කොරියාවේ කර්මාන්ත ශාලාවේ මිලටම ලබාදෙන බවට ප්‍රසිද්ධ කරමින් මුදල් වංචාවක නිරතවූ වෙඩ් අඩවි නිර්මාණකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අවුරුදු 23ක් වන හබරාදූවේ පදිංචිකරුවෙකි.

    අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරු මාස 06ක කාලයක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇත. අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් මොහුට ඇමතුම් දුන් පුද්ගලයින්ට ඇනවුම් කරන භාණ්ඩවල අදාල මුදල් බැංකු ගිණුම් අංකයකට බැරකරමින් භාණ්ඩ නොදී මෙම වංචාවේ ඔහු නිරතව සිට ඇත.

    වෙළද පොලේ මිලගණන් වලට වඩා ඉතා අඩු මිල ගණන් එහි සඳහන්ව ඇති බැවින් ඊට රැවටෙන පිරිස් කිසිදු සොයා බැලීමක් නොකර මුදල් බැරකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙසේ රටපුරා දහස් ගණනක් මෙම සැකකරුගේ වංචාවට හසුවී ඇති බවත් ඔහුට එරෙහිව පොලීස් ස්ථාන 100කට පමණ පැමිණිලි ලැබී ඇති බවද කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img