තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුරපුර වැසියන්ගේ වරිපනම් බද්දට වැඩේ දුන් 5ක් කොටුවේ

    අනුරපුර වැසියන්ගේ වරිපනම් බද්දට වැඩේ දුන් 5ක් කොටුවේ

    අනුරාධපුර මහා නගර සභාව විසින් ජනතාවගෙන් රැස්කරගත් රුපියල් ලක්ෂ 63කට අධික වරිපනම් බදු මුදලක් වංචා කිරීමකට සම්බන්ධ 05ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානීජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුරයේ වන්නියන්කුලම, මයිලගස් හංදිය, විජේපුර, පුබුදුපුර, ඇලයාපත්තුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වයස අවුරුදු 46ත් 63ත් අතර පසුවන්නන්ය.

    මොවුන් පස් දෙනා රුපියල් 6,322,302.70 මුදලක් වංචා කර ඇති බව විමර්ශන වලින් හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම සැකකරුවන් අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img