තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ මුදල් අවභාවිත කළ අයගෙන් ඒවා අයකරගන්න කෝප් - කෝපාවලට බලය දෙන්නැයි...

    රජයේ මුදල් අවභාවිත කළ අයගෙන් ඒවා අයකරගන්න කෝප් – කෝපාවලට බලය දෙන්නැයි ඉල්ලීමක්

    රජයේ මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්, එසේ කිරීමට තීරණ ගන්නා ලද නිලධාරින්ගෙන් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමට හැකි වන පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ බලතල පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනා කරයි.

    එමෙන්ම ඔවුන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කොට දඩුවම් පැමිණවිය හැකි පරිදි මෙම බලතල පුළුල් කළ යුතු බවට ද ඔවුහු යෝජනා කර සිටිති.

    මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව සඳහා විද්වත් අදහස් ලබා ගැනීම සඳහා පැවති රැස්වීමට අදහස් දැක්වීම සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයයි.

    එහිදී මෙරට විධායක ජනාධිපති ක්‍රමයට අදාළ සංශෝධන, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ සංශෝධන, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී.

    රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය වීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස අනුකමිටුවේදී සාකච්ඡා වූ අතර එමගින් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකීරීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද එම සංගමය පෙන්වා දුන්නේය.

    එහිදී සභාපතිවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දුන්නේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමට අදාළ කෙටි කාලීන සංශෝධන යෝජනා සති දෙකක කාලයක් ඇතුළත කමිටුව වෙත ඉරිපත් කරන ලෙසයි.

    ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකළ හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img