තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අකමැත්තෙන් වුවත් වහා පියවර නොගත්තොත් රට නැවතත් පෝලිම් යුගයට යාවි" - ජනපති...

    “අකමැත්තෙන් වුවත් වහා පියවර නොගත්තොත් රට නැවතත් පෝලිම් යුගයට යාවි” – ජනපති (📹)

    රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, අකමැත්තෙන් වුවද තීරණ ගැනීමට සිදුවන බවත් වහා පියවර නොගතහොත් රට නැවතත් පෝලිම් යුගයට යනු ඇති බවත් බදු ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගෙවුණු අවුරුදු දෙක තුළදී මෙරට තුළ රුපියල් බිලියන 2300ක් මුද්‍රණය කර ඇති බවත් ඒ හේතුවෙන් මේ වනවිට උද්ධමනය 70% – 75%ට පමණ ඉහළ ගොස් ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ය.

    අකමැත්තෙන් වුවද, ජාතිය යළි ගොඩනැගීම සඳහා දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    රටේ පවතින ආර්ථික තත්ත්වය සමනය කිරීමට රජ‍ය ගෙන ඇති පියවර සහ දැනට ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කරන ලද විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img