fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආහාර වර්ග කිහිපයක මිල පහළට

    ආහාර වර්ග කිහිපයක මිල පහළට

    ලංකා සතොස වෙතින් මිලදී ගන්නා ආහාර වර්ග කිහිපයක මිල අඩු කර තිබේ.

    ඒ අනුව සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි.

    පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.

    හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.

    කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.

    සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.

    ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.