තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝලීය සැපයුම්කරුවන්ට ලංකාවේ තෙල් මාකට් විවෘතයි

    ගෝලීය සැපයුම්කරුවන්ට ලංකාවේ තෙල් මාකට් විවෘතයි

    අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් ගෝලීය සැපයුම්කරුවන්ට සිල්ලර ක්‍රියාකරුවන් ලෙස ඇතුළු වීමට ඉඩ සැලසෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    එමෙන්ම ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබූ ජෙට් ඉන්ධන ඒකාධිකාරය ඉවත් කිරීමට සහ බලශක්ති අංශය ලිහිල් කිරීමටත් මෙමගින් ඉඩ සලසන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙතෙක් කලක් මෙරට තුළ ඉන්ධන ආනයනය, සැපයීම සහ බෙදාහැරීමට අවසර තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගමට පමණි.

    මෙම සංශෝධනය සම්මත කිරීමට සහය දුන් සියලු දෙනාට අමාත්‍යවරයා සිය ස්තුතිය පළකර සිටී.

    ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීම වැඩි ඡන්ද 60 කින් සම්මත විය.

    ඊට පක්ෂව ජන්ද 77ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 17ක් ප්‍රකාශ විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img