තවත්
    මුල් පිටුවspecialමහා වැඩවර්ජන නිසා ප්‍රංශය එකතැන නවතී

    මහා වැඩවර්ජන නිසා ප්‍රංශය එකතැන නවතී

    ප්‍රංශය පුරා ‍මේවන විට දැවැන්ත වැඩවර්ජන මාලාවක් ආරම්භ වී ඇති අතර එමගින් එරට දෛනික කටයුතු සම්පූර්ණම පාහේ අඩපණ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එරට ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති විසින් මෙම මහා පරිමාන වැඩි වර්ජනයන් සංවිධානය කර තිබිණි. පසුගිය දශක කිපය තුල ප්‍රංශයේ ඉහළම උද්ධමනය මේවන විට වාර්තා වීමත් සමඟ ඊට සරිලන ලෙස වැටුප් වැඩි කරණ ලෙසට රජයට බලකිරීම මෙම වැඩවර්ජනයන් සඳහා මූලික හේතුව වී ඇත.

    ඒ අනුව මෙම දැවැන්ත වැඩ වර්ජනයන් හේතුවෙන් මූලික වශයෙන් පාසල් සහ ප්‍රවාහනය අංශයන්ට වැඩි බලපෑමක් එල්ලවිය. එමෙන්ම මීට පෙර ප්‍රංශයේ ප්‍රධාන පිරිපහදුවල දෛනික මෙහෙයුම් වලට බාදා කරමින් සහ ඉන්ධන පිරවුම්හල්වල සැපයුම අවුල් සහගත කරිම්න සති ගණනක් ඉන්ධක පිරිහපහදු මධ්‍යස්ථාන වල සේවකයින් වැඩවර්ජනය නිතරවිය.

    ඉන්ධන පිරිපහදු සේවකයින් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රංශ පුරා දැඩි ඉන්ධන හිඟයක්ද නිර්මාණය වූ අතර එමගින් ජනතාව තුලද යම් නොසන්සුන් තත්ත්වයක් නිරමාණය විය.

    මේ අතර ප්‍රංශයේ දුම්රිය සේවාවන් ආශ්‍රිත සේවකයින්ද වැඩවර්ජනයන් හී නිතර වීමෙන් එරට දුම්රිය ගමන්වාරවලින් අඩක් පමණ අවලංගු කිරීමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වර්තා අනාවරණය කරයි.

    එමෙන්ම ප්‍රංශයේ පැරිස් නුවර තදාසන්න ප්‍රදේශ වල බස් සේවා ද බලපෑමට ලක්ව ඇති බවද බලධරීන් පවසයි. කෙසේ වෙතත් මෙමගින් පැරිස් නුවර අභ්‍යන්තර පිහිටි මෙට්‍රෝ පද්ධතියට වැඩ වර්ජනයෙන් විශාල බලපෑමක් එල්ලවී නොමැති බවද වාර්තාවේ.

    ඉකුත් මැයි මාසයේදී ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නැවත තේරී පත්වීමෙන් පසු ඔහුට මුහුණ දීමට සිදුවූ විශාලතම අභියෝගය මෙය වේ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img