තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ස්ථාන 19කින් වාහන පාකින් ගාස්තු අයකිරීම අත්හිටුවයි

    කොළඹ ස්ථාන 19කින් වාහන පාකින් ගාස්තු අයකිරීම අත්හිටුවයි

    කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන 19 කින් රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.

    නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් මෙම ස්ථානවල ගාල් කරන රථවලින් ගාස්තු අය කරන බවට ලැබුණු පැමිණිලි අනුව මෙම තීරණය ගත් බව ඇය සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන යථාවත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බවද ඇය සදහන් කළා.

    මෙසේ රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම අත්හිටුවා තිබෙන්නේ ගාලු පාර ඩුප්ලිකේෂන් පාර හා වැල්ලවත්ත නගරය අවට සියලු මාර්ග, මැලේ වීදිය,ජාවත්ත පාර, දෙමටගොඩ සුපර් මාර්කට්, ලොන්ඩ්‍රි වත්ත, නවම් මාවත, ඩී.එන්. ෆොන්සේකා මාවත, බැස්ටියන් මාවත, මුත්තයියා පාරේ, අන්දිවල් මාවත, මැගසින් පාර, ආනන්ද විද්‍යාලය අසල ටෙම්පල් පාර, ජයන්ත වීරසේකර මාවත, පහළ චැතම් වීදිය, මොහොමඩ් ෂේන් මාවත, පළමු හරස් වීදිය, කිවු පාර, ඩෝසන් පාර, මූදලිගේ මාවත හා ක්‍රිස්ටි පෙරේරා මාවතයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img