තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේ දී අතිරික්තයක් - සහල් ආනයනය නතර කරන්නැයි ජනපතිට ඉල්ලීම්

    ඉදිරියේ දී අතිරික්තයක් – සහල් ආනයනය නතර කරන්නැයි ජනපතිට ඉල්ලීම්

    මහ කන්නයේ අස්වැන්න ලැබීමත් සමග ඉදිරියේදී විශාල වී තොග අතිරික්තයක් නිර්මාණය වන හෙයින් සහල් ආනයනය නතර කරන්නැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

    සහල් ආනයන බදු කිලෝවට සත 25 දක්වා පහත දැමීම නිසා වසරක පමණ කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබෙන බවද එමගින් වී ගොවීන් බරපතළ අර්බුදයකට ලක්ව සිටින බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති මුදිත් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.

    ආනයනික සහල්වල මිලත් සමග තරග කළ නොහැකි නිසා ඇතැම් සහල් නිෂ්පාදකයින් තම කර්මාන්තය නවතා දමා තිබෙන බවද ඔවුන්ට බැංකු ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බව ද එම ලිපියේ සඳහන් වේ.

    එමනිසා සහල් ආනයනය නතර කර ඉතිරි වන ඩොලර්වලින් පොහොර හා රසායනික ද්‍රව්‍ය ආනයනය කර ඒවා අඩු මිලට ගොවීන්ට ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද එම ලිපියේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img