fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිදීබැදි ඇල්ලේදී කාර් එකක් ගසක ගැටී එකම පවුලේ 3ක් මරුට

    රිදීබැදි ඇල්ලේදී කාර් එකක් ගසක ගැටී එකම පවුලේ 3ක් මරුට

    අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ රිදීබැදිඇල්ල ප්‍රදේශයේ දී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මියගොස් ඇත.

    මෙම මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ නීතිඥවරියක් විසිනි.

    මියගොස් ඇත්තේ අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුතා, අවුරුදු 70, 72 වයස්වල පසුවන ඇයගේ මව සහ පියා ය.

    නීතිඥවරිය සහ එහි ගමන්ගත් ඇයගේ පුංචිඅම්මා තුවාල ලබා කුරුණැගල රෝහලට ඇතුලත් කර තිබේ.

    අනුරාධපුරයේ සිට පාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් මෙසේ සියඹලා ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව බව පොලීසිය කියයි.

    අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ගමන්කළ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

    අනුරාධපුරයේ පදිංචි පිරිසක් කොළඹ බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බව නාගොල්ලාගම පොලීසිය කියයි.

    වේගය පාලන කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් ගසයේ ගැටුණු මෝටර් රථයේ සිරවී සිටි පිරිස පිටතට ගැනීමට විනාධි 30ක පමණ කාලයක් ගතවූ බවත් පොලීසිය කියයි.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.