තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ රැස්වීම අස්සේ පෙළපාලි යන්න ගිය සජබ නාවලපිටිය සංවිධායක ඇතුළු 15ක් අත්අඩංගුවට

    පොහොට්ටුවේ රැස්වීම අස්සේ පෙළපාලි යන්න ගිය සජබ නාවලපිටිය සංවිධායක ඇතුළු 15ක් අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙන ජනහමුව අතරතුර පෙළපාලියකින් මාර්ගයේ ගමන් කිරීමට සූදානම් වූ සජබ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු 15 දෙනෙක් නාවලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අය අතර නාගරික මන්ත්‍රීවරයෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    සජබ කාර්යාලය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ එම ජන රැලිය පැවැත්වෙන ස්ථානයේ සිට මීටර් 200ක් පමණ වූ දුරකිනි. පෙළපාලියකින් ගමන් කිරීමට එම ස්ථානයට 100කට වැඩි පිරිසක් රැස්වී සිට ඇති බවත් ඔවුන නාවලපිටිය කොත්මලේ මාාර්ගය ඔස්සේ ගමන් කිරීමට සූදානම් වූ බවත් පොලීසිය කියයි. එසේ ප්‍රතිවිරුද්ධ දේශපාලන රැස්වීමක් පැවැත්වෙන ස්ථානයකින් මෙම පෙළපාලිය ගමන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය පිළිබදව සලකා බලා එම පෙළපාලිය ගමන් නොකරන ලෙස සංවිධායකයින්ට පොලීසිය දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. දිගින් දිගටම පොලීසිය ලබාදුන් එම උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් සහ නීති විරෝධිව එම පෙළපාලිය මාර්ගය අවහිර කරමින් පැවැත්වීමට සූදානම් වීමත් නිසා සංවිධායකවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img