තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩා වැටේ - තිදෙනෙක් සොයා මෙහෙයුම්

    දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩා වැටේ – තිදෙනෙක් සොයා මෙහෙයුම්

    වරකාපොළ අගුරුවැල්ල මාර්ගයේ තුඹලියද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට අද සවස පස් කන්දක් කඩා වැටී ඇත.

    අධික වර්ෂාවත් සමඟ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත මෙම අනතුර සිදුව ඇත්තේ කන්දක් නායයාමකින් බව පොලීසිය කියයි.

    නිවසේ ඒ වන විට රැදී සිටි සිව් දෙනෙක් පස් අතර සිරවී සිට ඇත. ඒ අයගෙන් එක් අයෙකු බේරා ගැනීමට හැකියාව ලැබී ඇත. සෙසු තිදෙනාගේ ජීවිත බේරා ගැනීමට යුද හමුදාව සමඟ එක්ව ආපදා කණ්ඩායම් දැඩි වෙහෙසක නිරත වෙමින් ඇතැයි වරකාපොල පොලීසිය සදහන් කළේය.

    පස් කන්දෙන් දෙමහල් නිවසම යටවී ඇතැයිද පොලීසිය කියයි.

    photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img