තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මධ්‍යපානේ බීමේ ජොලිය.. නැටුම ගැන පරීක්ෂණ නවතී

    මධ්‍යපානේ බීමේ ජොලිය.. නැටුම ගැන පරීක්ෂණ නවතී

    මීගමුව කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුබිම් ගීතයකට පාසල් දරුවන් හා ගුරුවරියන් සිදුකළ නර්තනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළව තිබූ සිද්ධියට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් පවසයි.

    බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඒ බව දන්වා ඇත.

    සමාජ මාධ්‍ය ජාලාවල පළවූ එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයාබලා වාර්තා කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබුණි.

    ඒ අනුව එහි වාර්තාව තමන් වෙත ලැබුණු බවත් අදාළ සිදුවීම ළමා දිනය වෙනුවෙන් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ සාමූහික ක්‍රියාවක් බවත් එම වාර්තාව අනුව පෙනී යන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යැවූ එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

    ‘මේ මධ්‍යපානේ බීමේ ජොලිය ගෑණු නොදන්නේ..’ යන පැරණි ගීතයට පාසල් දරුවන් සහ ගුරුවරියන් කිහිපදෙනකු නර්තනයේ යෙදෙන අයුරු කිසියම් අයකු විසින් වීඩියෝගත කර සමාජ ජාල තුළ මුදාහැර තිබුණි.

    එම වීඩියෝව බොහෝ ජනප්‍රියත්වයට පත්වූ නමුත් අතළොස්සක් පමණක් එය විවචේනය කර තිබීමත් සමඟ ඒ පිළිබඳ කාර්යා මට්ටමෙන් සොයාබැලීම සිදුවිය.

    කෙසේවෙතත් එම සොයාබැලීම ආරම්භ වීමත් සමඟ එම පරීක්ෂණ පිළිබඳව ද සමාජ ජාල තුළා බහුතරයක් දොස් නඟා තිබුණේ එය හුදෙක් විනෝදාස්වාදය වෙනුවෙන් කරන ලද්දක් පමණක් යනුවෙනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img