තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

    අද සිට හෙට (12) පෙරවරු 11.00 දක්වා කාලය සඳහා ප්‍රබල අකුණු තත්වයන් පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයට අනුව ඌව, නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img