තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුතුරාජවෙල බලාගාරයේ කේබල් කපන්න ගිහින් විදුලිය වැදුණු කුඩ්ඩෙක්ට බරපතළයි

    මුතුරාජවෙල බලාගාරයේ කේබල් කපන්න ගිහින් විදුලිය වැදුණු කුඩ්ඩෙක්ට බරපතළයි

    කසල ප්‍රතිචක්‍රීකරණය කරමින් කසලවලින් විදුලිය නිපදවන මුතුරාජවෙල පිහිටි විදුලි බලාගාරයක භූගත රැහැන් කැපීමට පැමිණි මත්කුඩු ලෝලියෙක් විදුලි සැර වැදී බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

    මත්කුඩු ලෝලීන් තිදෙනෙක් ඊයේ අලුයම විදුලි බලාගාරය පිහිටි ප්‍රදේශයට රිංගා මුලින්ම භූගත ඒර්ත් කම්බියක් අඩි 08ක පමණ කොටසක් කපා ඉවත්කරගෙන තිබේ. අනතුරුව එහි තවත් කොටසක් කපා ඉවත්කර ගැනීමට එම කම්බිය සම්බන්ධකර තිබුණු ට්‍රාන්ස්ෆෝමරය පිහිටි ස්ථානයට ගොස් ඔහු කුඩා බැම්මකට නැගීමේදී විදුලි රැහැනක ඔහු ගැටී විශාල පිපුරුම් හඬක් සමඟ විසිවී ගොස් තිබේ. එම හඬත් සමඟ විදුලිය විසන්ධිවී ඇති බවත් ඒ ගැන අවධානය යොමුකරමින් බලාගාරයේ ඉංජිනේරුවරු කළ සොයා බැලීමේදී විදුලිය වැදී වැටී සිටි මත්ලෝලියාව හමුවී තිබෙන බවත් සඳහන්ය.

    වහාම ඔහුව රාගම රොහ්ලට ඇතුලත් කිරීමට විදුලි ඉංජිනේරුවරු පියවර ගෙන තිබේ. ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔහු සමග සිට කේබල් කැපූ සෙසු දෙදෙනා සොයා විමර්ශන පැවැත්වෙන බවත් වත්තල පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img