තවත්
    මුල් පිටුවspecialරුසියාවෙන් කීව් නගරයට කෲස් මිසයිල ප්‍රහාර වැලක්

    රුසියාවෙන් කීව් නගරයට කෲස් මිසයිල ප්‍රහාර වැලක්

    රුසියාව විසින් අද උදෑසන කාර්යබහුල වේලාවේ යුක්රේනයේ අගනගරය වන කීව් වෙත දරුණු කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ පසුගියදා ක්‍රිමියාව සම්බන්ධ කළ පාළමට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

    අදාල මිසයිල පහරදීමෙන් සිවිල් වැසියන්ද මරණයට පත්ව ඇති බවද නගර පුරා විදුලි බලය විසන්දි වී ඇති බවටද වාර්තා වේ.

    මේ අතර රූපවාහිනී නාලිකාවලට ප්‍රකාශයක් ලබා දෙමින් රුසියානු ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇත්තේ
    සෙනසුරාදා පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාර ලෙසයි. එහිදී ඔහු විස්තර කර ඇත්තේ එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් මිසයිල භාවිතා කරමින් යුක්‍රේන බලශක්ති සහ සන්නිවේදන ඉලක්කවලට එරෙහිව “දැවැන්ත” දිගු දුර ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img