තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආගමික ස්ථානවල වැඩිවූ විදුලි බිල් අඩුකරයි

    ආගමික ස්ථානවල වැඩිවූ විදුලි බිල් අඩුකරයි

    ඉදිරි කාලයේදී ආගමික ස්ථාන, විහාරස්ථානවල වැඩිවු විදුලි බිල ඉක්මනින් අඩු කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගත් බවත් එමගින් විදුලි බිලෙහි අඩුවීමක් ලබාදෙන බවත්ය.

    “අපි මෙතෙක් කල් තිබූ පුණ්‍ය ස්ථාන පදනමෙන් ඉවත් කරලා පොදු කාර්ය යටතට අරගත්තා. මොකද දහම් පාසල් පැවැත්වීම ආදී පොදු වැඩකටයුතු කරන්නේ. ඒ නිසා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ පුණ්‍ය ආයතන සඳහා දැනට 500%කින් වැඩිවෙලා තිබෙන අය ක්‍රමය යථාතත්ත්වයට පත්කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. අපි ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. අපි දැනටමත් විදුලිබල මණ්ඩලයට දන්වලා තියෙනවා. ඒ අනුව වැඩිවුණ විදුලිබිල ඉක්මනින් අඩු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මහානායක හිමිවරුන්ටත් දැන්වූවා විහාරස්ථාන තමන්ගේ විදුලි පරිභෝජනය අඩුකරයි කියලා බලාපොරොත්තු වෙන බව.” යැයි ද සභාපතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img