fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක.. රනිල් දැන් යහමඟට හැරිලා"

    “රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක.. රනිල් දැන් යහමඟට හැරිලා”

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් යහමඟට හැරී ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු අගමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    “අපි එකතුවෙලා මේ රජය රැකගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන මේ වැඩපිළිවෙලට සහය දෙන්න ඔ්න. අද රනිල්ට එදා නම් අපි බැන්නා. රනිල් යූඑන්පීකාරයයි කියලා. දැන් ඉන්නේ රනිල් අපිත් එක්ක. ඉතින් දැන් අපි රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලයි මං විශ්වාස කරන්නේ. අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යාමට කටයුතු කරනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම නිහඬ වෙනවා.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ අද කළුතරදී පැවති ජනහමුවක් අමතමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය කාර්යාලයේ සංවිධානය කළ ජන හමුවක් අමතමින් මෙලෙස පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සහයෝගය දෙන ලෙස පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    “තමුන්නාන්සේලා දන්නවා අද අපි අභියෝග රාශියකට අපි මුහුණ දෙනවා. ඒ අභියෝග ජයග්‍රහණය කරන්න අපිට ශක්තිය තියෙනවා. ක්‍රමයෙන් ඒ ශක්තිය මත අපි එය අභියෝග ජයග්‍රහණය කරමින් අපේ රටේ ජනතාවට අවශ්‍ය වැඩපිළිවෙළ අපි දියත් කරන්න ඕන. ආණ්ඩුවකගේ යුතුකම ඒ ජනතාවගේ අවශ්‍යතාවය අඳුනාගෙන අවශ්‍යතාවයන් ඉටු කිරීම කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා අද අපි ඒ කාර්යභාරය ඉටු කරන්න පියවර අරන් තියෙනවා කියලයි අපි කියන්නේ.” යැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.