තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාවෙන් පත්කළ අනුකමිටු හෙට රැස්වෙයි

    ජාතික සභාවෙන් පත්කළ අනුකමිටු හෙට රැස්වෙයි

    ජාතික සභාවේ පළමු රැස්වීමේදී පත්කිරීමට තීරණය කරන ලද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනුකමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කර තිබේ.

    එම අනු කමිටු  හෙට රැස්වීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම අද(06) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

    ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමටත්, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටත්, මෙම අනු කමිටු දෙක පත් කෙරිණි.

    කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුය.

    ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුය.

    ජාතික සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් රැස්වේ.

    අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂ නායකවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලය අනුව එහි සාමාජිකයෝ වෙති.

    මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂවල  පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img