තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිල් ගෙවා නෑ - මැගසින් බන්ධනාගාරයේ ලයිට් කපලා

    බිල් ගෙවා නෑ – මැගසින් බන්ධනාගාරයේ ලයිට් කපලා

    පසුගිය වසරට අදාළව රුපියල් ලක්‍ෂ 15 ක හිග මුදලක් නොගෙවීම හේතුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ විදුලි විසන්ධි කර තිබේ.

    බිල්පත් සහ අනෙකුත් වියදම් සදහා මුදල් අමාත්‍යාංශය මගින් මුදල් ලබාදිය යුතු අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම මුදල මෙතෙක් නොලැබුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    පවතින තත්ත්වය හමුවේ හිග මුදල ගෙවීමට තවත් සහන කාලයක් ලබාදෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබියදී එලෙස මැගසින් බන්ධනාගාරයේ විදුලිය විසන්ධි කර ඇත.  

    මැගසින් බන්ධනාගාරයේ අද වනවිට රදවා සිටින සැකකරුවන් ගණන 1,600 ක්. LTTE රැදවූවන් ඇතුළු විවිධ ඝණයේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද ඒ අතර වේ.

    විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පැයකට ඩීසල් ලීටර් 15 ක් අවශ්‍ය ය.

    විදුලිය විසන්ධි කිරීම බන්ධනාගාරයේ ආරක්‍ෂාවටද තර්ජනයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img