තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළමා-වැඩිහිටි දිනයේදී දෙහිවල සත්තු වත්තේ ආදායම් වාර්තාවක්

    ළමා-වැඩිහිටි දිනයේදී දෙහිවල සත්තු වත්තේ ආදායම් වාර්තාවක්

    දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළදී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේදී වාර්තා කර තිබේ.

    එම දිනයේදී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 50,80,377කි.

    මීට සමගාමීව අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින්ද මෙතෙක් එක් දිනයකදී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේදී ලබාගැනීමට හැකි වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

    ඒ අනුව පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය ලබා ඇති ආදායම රුපියල් 9,47,000කි.

    පින්නවල සත්වෝද්‍යානය රුපියල් 9,49,200ක් ද, රිදියගම සෆාරි උද්‍යානය විසින් රුපියල් 8,56,000ක මුදලක් ද උපයා ගෙන තිබිනි.

    ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට හා අවුරුදු 60ට වැඩිහිටියන්ට නොමිලයේ සත්වෝද්‍යානවලට ඇතුල්වීමට අවසර ලබාදී තිබුණි.

    එසේ මෙවැනි ඉහළ ආදායමක් ඉපැයීමට හැකි වූ පළමු අවස්ථාව බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

    ඉදිරි ලෝක හා ජාතික දිනයන්හිදීත් ජනතා ආකර්ශණය සත්වෝද්‍යාන වෙත ලබාගැනීමේ නිර්මාණාත්මක වැඩසටහන් සකස් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img