තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිස් ට්‍රස්ගේ පළමු ට්‍රස්ට් එක රිවස්

    ලිස් ට්‍රස්ගේ පළමු ට්‍රස්ට් එක රිවස්

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමත්‍යවරිය වන ලිස් ට්‍රස් විසින් ගන්නා ලද පළමු තීරණය හකුලා ගැනීමට ඇයට සිදුව තිබේ.

    ට්‍රස් අග්‍රාමත්‍යවරියට මෙලෙසට හකුලා ගැනීමට සිදුව ඇත්තේ ඇය විසින් ඉකුත්දා ප්‍රකාශයට පත් කළ නව අදායයම් බදු කපා හැරීමේ තීරණයයි. ඇගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එරට ඉතිහාසයේ ස්ටර්ලින් පවුමේ විශාලතම කඩා වැටීම වර්ථා විය.

    පවුමේ කඩා වැටීමත් සමඟ ට්‍රස් අග්‍රාමත්‍යවරිය වෙත ඇගේ පක්ෂයෙන් විශාල බලපෑමක් එල්ලවිය. මෙම බලපෑමට මූලිකම හේතුව වූයේ අදාල ආදායම් බදු කපාහැරීමෙන් වැඩි වාසියක් එරට ධනවතුන්ට හිමිවීමත් සමඟයි.

    ට්‍රස් අග්‍රාමත්‍යවරිය විසින් මෙම තීරණය සාධාරණීකරණය කිරීමට උත්සහ කළද බ්‍රිතාන්‍ය වැසියන් විසින් ඊට විශාල ප්‍රතිවිරෝධයක් නැඟුනු අතරම ඇගේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇතැම් පාර්ශයන් පියවරගෙන තිබිණි.

    මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තම පක්ෂය විසින් අදාල බදු සහන ධනවතුන්ට හිතකර තීරණයක් බවට පෙන්වා දෙමින් කටයුතු කළ බවත් එම තීරණය සමබන්ධයෙන් නිහතමානීව පසු තැවෙන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img