තවත්
    මුල් පිටුවspecialයුරෝපය පුරා කුරුළු උණ වසංගතයක්

    යුරෝපය පුරා කුරුළු උණ වසංගතයක්

    යුරෝපය පුරා මේවන විට කුරුළු උණ වසංගයක් පැතිරයාමත් සමඟ කුකුලන් ඇතුලු මස් පිනිස ඇතිකරන පක්ෂීන් කොටි පහක් පමණ මරා දැමීමට පියවර ගෙන ඇති බව යුරෝපා සංගම් ආහාර සුරක්ෂිතතා ඒජන්සිය පවසයි.

    ඒ අනුව මේවන විට කුරුළු උණු යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන අතර එහි බලපෑම ඉදිරි කාලයටත් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද යුරෝපා සංගම් ආහාර සුරක්ෂිතතා ඒජන්සිය සඳහන් කරයි.

    ගොවිපලවල සිටින මස් පිනිස ඇති කරන පක්ෂීන්ට අතිරේකව අනෙකුත් පක්ෂීන්ද කුරුළු උණු ඇති කරන ඒවියන් ඉන්වලුවෙන්සා වෛරසය ආසාදනය වී මරණයට පත්වීම යුරෝපය පුරා වර්තා වන බවද එම කලාපයේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මේ අතර යුරෝපා සංගම් දත්ත වර්තා පෙන්වන අන්දමට පසුගිය වසරේ කුකුළු ගොවිපලවල කුරුළු උණ පැතිරීම් 2,500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මෙම වෛරසයට ආසාදනය වූ අනෙකුත් පක්ෂීන් 3,500 කට වැඩි ප්‍රමාණයක් හමු වී ඇත. එමෙන්ම සත්වෝද්‍යාන වැනි වෙනත් ස්ථානවල ඇති සතුන්ට කුරුළු උණ ආසාදනය වීම් 190ක්ද වාර්තා වී තිබේ.

    කුරුළු උණු සතුන්ගෙන් මිනිසාටද සම්ප්‍රේෂණය වීම්ද අවස්ථා කිහිපයකදී මීට පෙරද වාර්තා වී ඇත. එහිදී මරණද වාර්තා වී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img