තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රැකියාවට ගිහින් කරදරේ වැටුණු කතුන් ගැන සොයන්න රහස් පොලිස් කණ්ඩායමක් ඕමානයට

    රැකියාවට ගිහින් කරදරේ වැටුණු කතුන් ගැන සොයන්න රහස් පොලිස් කණ්ඩායමක් ඕමානයට

    ඕමානයේ රැකියා සඳහා රැගෙන ගොස් ගණිකා වෘත්තියේ කාන්තාවන් යෙදවීම් සහ එරටදී විවිධ තාඩන පීඩනවලට ලක්ව සිටින කාන්තාවන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් අද උදෑසන ඕමානය බලා පිටත්ව ගියේය.

    මේ වන විට ඕමානයට ගොස් සිටින එම නිලධාරීන් ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මුණ ගැසී තානාපති කාර්යාලයේ රැකවරණය මත රැදවුම් මධ්‍යස්ථානයක රැදී සිටින මෙරට කතුන් 44 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භකර ඇත.

    ඕමානයට ගොස් සිටින පොලිස් කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රාජ්‍ය බුද්ධි සේවයේත් සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගේත් සමන්විත මෙම කණ්ඩායම පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img