fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාව ගැන ශ්‍රීලනිපය ගත් තීන්දුව

    ජාතික සභාව ගැන ශ්‍රීලනිපය ගත් තීන්දුව

    ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කර තිබේ.

    එය ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීමට අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසයි.

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීමට මේ තුළ උත්සහ දරා ඇති බව පැහැදිලි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියාසිටී.

    එම නාම මාත්‍රික ‘ජාතික සභාව’ මගින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම් වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික සභාව නියෝජනය නොකිරීමටත්, රටේ යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහය දීමට විපක්ෂයේ සිට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියාසිටියේය.

    එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ස්ථාවරයට සමගාමීව යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත සුය ආචාරය පුදකර සිටින බවද එම පක්ෂය සඳහන් කරයි.

    ඒ පිළිබදව නිකුත් කරන ලද නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.