තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙට්‍රල් මිල පහළට

    පෙට්‍රල් මිල පහළට

    අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් මිල පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින්ද අඩු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම මිල සංශෝධනය සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 410 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 510 කි.

    ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බවද බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම මිල සංශෝධනයන්ට අනුව අයි.ඕ.සී. සමාගමද ඉන්ධන මිල සංශෝධනය කරන බව අද සවස නිවේදනය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img