තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කඩාගෙන යමින් සිටි හමුදා සෙබලා කොටුවේ

    කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කඩාගෙන යමින් සිටි හමුදා සෙබලා කොටුවේ

    ගම්පොල කවුඩු පිටියේ පදිංචිව සිටින 54 වියැති කාන්තාවක් ගන්නෝරුව ගොරකාදෙණිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඇගේ ගෙල බැදි රන්මාලය ඊයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් කඩාගෙන ගොස් තිබුණි.

    රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහාමාරක් පමණ වන බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.

    පැය කිහිපයක් ඇතුලත පොලීසිය එම කොල්ලකරුව අල්ලාගන්නේ යතුරු පැදියද සමඟිනි. විමර්ශන වලින් අනාවරණය වි ඇත්තේ ඔහු ගන්නෝරුව යුද හමුදා කඳවුරේ සෙබලෙක් බවය. ඔහු අම්පිටිය මැද්දේපතන වත්තේ පදිංචිකරුවෙක් වන 26 හැවරදි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img