තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අකරවිටදී සැමියා මරා බිරිඳගේ අත්බෑගය කොල්ල කෑ යුවල කොටුවේ - සැමියා පොලීසියෙන්...

    අකරවිටදී සැමියා මරා බිරිඳගේ අත්බෑගය කොල්ල කෑ යුවල කොටුවේ – සැමියා පොලීසියෙන් වෙඩි කයි

    ගම්පහ ජා-ඇල පාරේ අකරවිට දී බැංකු සේවිකාවගේ අත් බෑගයක් කොල්ලකෑමට ගත් උත්සහයක් වැලැක්වීමට ගිය ඇගේ සැමියාට පිහියෙන් අන ඝාතනයකර පළාගිය අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය මෙයට සුළු මොහොතකට පෙර සමත්ව ඇත.

    එහිදී සැමියා විසින් පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට කළ උත්සහයකදී පොලීසිය සිය අවම බලය යොදා ඔහුට වෙඩි තබා තිබේ. එහිදී වෙඩි වැදී තුවාල ලැබූ සැකකරුව ගම්පහ රෝහලට ඇතුලත්කර ඇත. මේ වන විට ඔහුව ශල්‍යකර්මයකට ලක්කරමින් ඇතැයි රෝහල් තොරතුරු අනාවරණය කළේය.

    මෙම සැකකාර යුවල ගම්පහ ඔවුන් කොල්ලකන මුදල් වලින් ඉදිකරමින් ඇති ගම්පහ මදුරවිට පිහිටි නිවස වෙත පැමිණ සිටියදී ඔවුන්ව කොටුකර ගැනීමට පොලීසිය සමත්ව ඇති කියයි. මෙම යුවල මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී සිටින බව පොලීසිය කියයි.

    ගම්පහ අකරවිට ඝාතනය සිදුවන්නේ පසුගිය 21 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img