තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ණයෙන් ගන්න සූර්ය පැනල ආගමික ස්ථානවලටත්

    ඉන්දීය ණයෙන් ගන්න සූර්ය පැනල ආගමික ස්ථානවලටත්

    ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට
    ආගමික සිද්ධස්ථානද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් බුද්ධශාසන අමාත්‍යංශය සමඟ පැවති සාකච්ජාවේදී තීරණය වූ බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

    පිරිවෙන් සදහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඒ සදහා ක්‍රමවේදයක් සකසන බවත් එහිදී පිරිවෙන් සදහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිතය.

    විදුලි මිල සංශෝධනය කිරීමේදී පාදක වූ කරුණු සහ එය සිදු කරන ලද ආකාරය පිළිබඳව දැනුවත් කිරීමද එම හමුවේදී සිදු කර තිබේ.

    මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , සංස්කෘතිය කටයුතු අමාත්‍ය ව්දුර වික්‍රමනායක , අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාල අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද සහභාගී වී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img