fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආනයන සීමා ලිහිල් කරන්න රජය ලෑස්තියි

    ආනයන සීමා ලිහිල් කරන්න රජය ලෑස්තියි

    තාවකාලිකව ආනයනය අත්හිටවු භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් වෙයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ ඉදිරිපත් වන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී තව දුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවය.

    සංචිත ආරක්ෂා කර ගැනීම සේම දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි වන පරිදි ආනයන සීමා ලිහිල් කිරීමට ද රජයේ අපේක්ෂාව බව සියඹලාපිටිය මහතා කියාසිටියේ අද (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    ඔහු පෙන්වා දුන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.

    එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

    “ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ ජනතාවට අත්‍යාවශ්‍ය ගෑස් තෙල් සෞඛ්ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා.

    ඇත්තටම ඉතාම අවශ්‍ය නොවන දේවල් තියෙනවා ආනයනය කරන. අපි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා.

    අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1455ක් නවත්වන කොට මේවා අපිට නවත් වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශවවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    “අපි අපනයන වැඩි කරලා ආනයන සීමා කළ යුතුයි. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇතිකළේ. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා.

    කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා ” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.