තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිලිපීන -ලංකා ජනපති හමුව

    පිලිපීන -ලංකා ජනපති හමුව

    ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් -කණිෂ්ඨ මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.

    නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

    පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img