තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වාධීන මන්ත්‍රීලාට මැතිසබේ කතාකරන්න කාලයක් වෙන්කරයි

    ස්වාධීන මන්ත්‍රීලාට මැතිසබේ කතාකරන්න කාලයක් වෙන්කරයි

    ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට වෙන්වන කාලය ලබන 4 වැනි අගහරුවාදා සිට පැය භාගයකින් දීර්ඝ කොට, එම කාලය පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දීමටත් පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    අද (29) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව ප.ව. 4.30 ට අවසන්වීමට නියමිත ආණ්ඩුවේ කටයුතු විවාද කිරීමට අදාළ කාලය ප.ව. 5.00 දක්වා දීර්ඝ වනු ඇත.

    ප.ව. 5.30 දක්වා ඉතිරි මිනිත්තු 30 ක කාලය, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සහ සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා දිනක් හැර දිනක් මේ අනුව වෙන් කිරීමට ද මෙහිදී එකඟත්වය හිමිවී තිබේ.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

    පාර්ලිමේන්තුව ලබන 3 වැනි සඳුදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතය. 3 වැනිදා පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහායි.

    ඔක්තෝබර් 7 වැනි සිකුරාදා හැර 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img