fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජපානයෙනුත් රැකියා අවස්ථා ලැබෙයි

    ජපානයෙනුත් රැකියා අවස්ථා ලැබෙයි

    මෙම වසර තුළ කඩිනමින් සාත්තු සේවකයන් 150ක් සදහාත්, ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ සාත්තු සේවකයන් 1000ක් සදහාත්, රැකියා අවස්ථා ලබා දීමට ජපානයේ Global Trust Network (GTN) ආයතනය සිය පූර්ණ එකගතාවය පළ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ඒ අද උදෑසන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් GTN ආයතනය සමග කළ සාර්ථක සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස බව අමාත්‍යවරයා කියා සිටී.

    GTN ආයතනය ජපානයේ සේවා සපයන ප්‍රමුඛතම ආයතනයකි.

    ඔවුන් මේ වන විටත් ජපානය තුළ විදෙස් ශ්‍රමිකයන් 350,000ක් සදහා රැකියා අවස්ථා සපයා ඇත.

    GTN ආයතනය නියෝජනය කරමින් ආයතනයේ සභාපති හිරොයුකි ගොතෝ, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු යූකා කුවාහරා, ප්‍රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සාකච්ඡාවට සම්බන්ධ විය.

    මහාචාර්ය ආශූ මාරසිංහ මහතා විසින් සංවිධානය කළ මෙම හමුවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා සහ ජාත්‍යන්තර සබදතා උපදේශක ශාන් යහම්පත් මහතා ද එක්විය.

    අපේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා ලබා ගැනීමේ දී GTN ආයතනය සමග කටයුතු කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බවත් මොවුන් සමග දීර්ඝ කාලීන අවබෝධතාවක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ෂික ව ඔවුන් විසින් අපට ලබා දෙන රැකියා කෝටාව වැඩි කර ගැනීමටත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.