තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැඩිව රෝගී වූ විදෙස්ගත ශ්‍රමිකයකු දිවයිනට ගෙන්වූ හැටි

    දැඩිව රෝගී වූ විදෙස්ගත ශ්‍රමිකයකු දිවයිනට ගෙන්වූ හැටි

    සෞදි අරාබියේ රියදුරු රැකියාවකට ගොස් මොලේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව සිටි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් අද (28) දිවයිනට ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සේගු අබ්දුල් කාදර් ඊබ්‍රහිම් නමැති නමැති මෙම පුද්ගලයා 2019 වසරේ රියදුරු රැකියාවක් සඳහා විදේශගත වී ඇති අතර ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඔහු රෝගී වී ඇති බවත් දිවයිනට ගෙන්වා දෙන ලෙස කාර්යංශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණ.

    ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් වැය කොට එම රෝගියාව අද පෙරවරුවේ දිවයිනට ගෙන්වාගත් බවද එම කාර්යාංශය සඳහන් කරයි.

    ඔහු රෝගියකු බැවින් කරාපිටිය රෝහලේ හෙද නිලධාරියකු ද සෞඛ්‍ය අමාත්‍යංශයේ සහායෙන් සෞදිය බලා පිටත් කර යවා ගුවන් යානය තුළ විශේෂ පහසුකම් සහිතව එම රෝගියා දිවයිනට ගෙන්වා ගත් බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img